පාර්ලිමේන්තුවේ නව සැසිය මැයි 08 - 2.15 ට ස්ථිරයි : ගැසට් පත්‍රය මුද්‍රණයේ

පාර්ලිමේන්තුවේ නව සැසිය මැයි 08 - 2.15 ට ස්ථිරයි : ගැසට් පත්‍රය මුද්‍රණයේ

8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි 8 වන දා පස්වරු 2.15 රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා ඇති බවත් මේ වන විට එය මුද්‍රණය සඳහා යොමුකර ඇති බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කරයි.

පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රීයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වෙනුවෙන් සහ මැයි 08 නැවත සැසිවාරය ආරම්භ වන බවට   විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවත් එහි සැසිවාරය ආරම්භ වන වෙලාවක් සඳහන්ව තිබුණේ නැත. 
ඒ අනුව මේ වන විට එම අඩුව සම්පුර්ණ කරමින් ජනාධිපතිවරයා නව ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති අතර ඊට අනුව මැයි 08 පස්වරු 2.15 ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට නියමිතව ඇත.
කෙසේ වුවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ එතෙක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ගිණුම් කාරක සභාව, පෙත්සම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු කාරක සභා 15 ක් අවලංගු වී ඇති අතර ඒ අනුව නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව එම කාරකසභා පත්කිරීමටද නියමිතව ඇත.

කෙසේ වුවත් ආංශික අධීක්ෂණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ විශේෂ කරුණු සම්බන්ධයෙන් වන කාරක සභාව මේ තුළ අහෝසිවී නොමැති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න