ඕන අභියෝගයකට සුදානම් : එජාප ස්ථාවරය රවී - දිලිප් කියයි

ඕන අභියෝගයකට සුදානම් : එජාප ස්ථාවරය රවී - දිලිප් කියයි

එළඹෙන ඔනෑම දේශපාලන අභියෝගයකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් ඊට ආණ්ඩුවේ සිටි කකුල් මාට්ටු කාරයන්ගේ ඉවත්වීම ආශීර්වාදයක් වූ බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.එළඹෙන ඔනෑම දේශපාලන අභියෝගයකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් ඊට ආණ්ඩුවේ සිටි කකුල් මාට්ටු කාරයන්ගේ ඉවත්වීම ආශීර්වාදයක් වූ බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

කොළඹ පවතී ජන හමුවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 පසුගිය සාමය පුරා ආණ්ඩුවේ තීන්දු තීරණ සඳහා බලපෑම් කළ බවත් යහපාලන සම්මුති ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් කිසිදු සේවයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මේ වන විටත් ජනාධිපතිවරයා සමඟ ඉදිරියට ආණ්ඩුව පවත්වාගෙන යාමට සහය දෙන ශ්‍රීලනිප කණ්ඩායම සම්බන්ධව විශ්වාසයක් තිබෙන බවත් ඒ අනුව යෝජිත නව ගමන ගැන ධනාත්මක අදහසක් ඇතිව කටයුතු කිරීමට හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

dieep W 480pxශ්‍රීලනිප පිංගුත්තරයන්ට ආය ආණ්ඩුවට එන්න දෙන්නේ නෑ : තනියෙන් වුවත් ආණ්ඩුවක් හදනවා - දිලීප් 

මේ අතර හම්බන්තොට පැවති ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආරච්චි සඳහන් කර ඇත්තේ අවශ්‍ය නම් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට වුවත් තම පක්ෂයට හැකියාව ඇති බවය. 

එසේම මේ වන විට ආණ්ඩුවේ සිට ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට සහයදීම තුළ ශ්‍රීලනිප පිංගුත්තර කණ්ඩායම අමාරුවේ වැටී සිටින බවත් ඔවුන්ව භාරගැනීම රාජපක්ෂලා ප්‍රතික්ෂේප කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එහෙයින් අමාත්‍යධුර පවා අහිමිව ඔවුන්ට  අගුපිලකටව ඉන්නට සිදුව ඇති බවත් කිසිඳු හේතුවක් මත නැවත එම පාර්ශවය ආණ්ඩුවට නොගැනීමට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතික තීන්දුවක් ගෙන ඇති බවද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න