තනතුරු 26ක් ගැන තීන්දු කරන : එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට !

තනතුරු 26ක් ගැන තීන්දු කරන : එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවේ රැස්වීමක් හෙට (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එහිදී නව තනතුරු 26ක් සඳහා යෝජනා සම්මත කිරීමේ සුදානමක් ඇති බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවේ රැස්වීමක් හෙට (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එහිදී නව තනතුරු 26ක් සඳහා යෝජනා සම්මත කිරීමේ සුදානමක් ඇති බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විටත් එජාප ප්‍රතිසංවිධාන කමිටු තීරණය අනුව පක්ෂ මහ ලේකම්වරයා තෝරාගැනීම සඳහා පක්ෂ නායකත්වයට අවස්ථාව හිමිවන අතර එහෙත් පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක ධුර, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික ඇතුළු හෙට දිනයේ අලුතින් යෝජනා කිරීමට නියමිත තනතුරු තෝරාගැනීමට නියමිතව ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුකරන ජන්ද විමසීමක් හරහාය.

එසේම එම සියලු තනතුරු සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය බහුතරයකින් සම්මත විය යුතු බවටද මේ වන විට ප්‍රතිසංවිධාන කමිටුව නිර්දේශ කර ඇත.
Harsha de Silva 1000px1 (පක්ෂයේ ප්‍රතිසංවිධානය යටතේ සියලු තනතුරු 26 වනදා වන විට සම්මත කරන බලාපොරොත්තුවක් තියනවා )

මේ අතර රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මාධ්‍යවෙත පවසා ඇත්තේ එජාප ප්‍රතිසංවිධාන කටයුතු එළඹෙන 26 වනදාට පෙර නිම කිරීමට පක්ෂය තීරණය කර ඇති බවයි. 

එදින පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හමුවක් පැවැත්වීමට නියමිත අතර එහිදී සියලු තනතුරු තීන්දුවනු ඇති බව එජාප ආරංචිමාර්ගසඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න