ඉන්ධන සඳහා වූ මිල සූත්‍රය කල් යයි

ඉන්ධන සඳහා වූ මිල සූත්‍රය කල් යයි

ඉන්ධන මිල සම්බන්ධව රජය විසින් හඳුන්වාදීමට යෝජිත මිල සූත්‍රය හෙට (24) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතව තිබුණත් එය ඉදිරිපත් නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.ඉන්ධන මිල සම්බන්ධව රජය විසින් හඳුන්වාදීමට යෝජිත මිල සූත්‍රය හෙට (24) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතව තිබුණත් එය ඉදිරිපත් නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටින්නේ ඉන්ධන සඳහාවූ මිල සූත්‍රය සකසන නිලධාරීන් රාජකාරී කටයුත්තක් සඳහා  විදෙස් සංචාරයක නිරතව සිටින බැවින් නියමිත වෙලාවට මිල සූත්‍රය සකස්කර අවසන් කිරීමට නොහැකිවී ඇති බවය.

එබැවින් ඊළඟ කැබිනට් මණ්ඩල හමුවට අදාළ මිල සුත්‍රය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද සඳහන් කර තිබුණේ 2018 වසර තුළ ශ්‍රී ලංකාව ඉන්ධන මිල වෙනුවෙන් මිල සූත්‍රයක් හඳුවාදීමට නියමිතව ඇති බවය.

මිල සූත්‍රය ගැන වෘත්තීය සමිති අදහස 

මේ අතර යෝජිත ඉන්ධන සඳහා වන  මිල සූත්‍රය නිවැරදිව සකස්කර ඉදිරිපත් කරන තුරු ඉන්ධන මිල ඉහල නොදැමිය යුතු බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමය සඳහන් කරයි.

අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයන් මේ අදහස් පලකල අතර මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ දිනක පාඩුව කෝටි 19 ඉක්මවන බවද ඔවුන් සඳහන් කරයි.

එසේම අදාළ මිල සුත්‍රය හඳුන්වා දිය යුතුව ඇත්තේ ජාත්‍යන්තර නිර්ණායක අනුව බවත් එහිදී වරාය සහ රේගු බද්ද, නිෂ්පාදන බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද මෙන්ම නඩත්තු වියදම් සමඟ ඉන්ධන ලීටර් 1ක් සඳහා මේ වන විට රුපියල් 131.70ක් වැයවන බවත් ආණ්ඩුව මේ මොහොතේ මිල සූත්‍රය ගෙනෙනවා නම් තෙල් සංස්ථාවේ ණයබරද ආණ්ඩුව බාරගත යුතු බව ඔවුන් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න