මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස ද වජිර අබෙිවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසූයේ වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් හට ඉදිරියේදී නීතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
Lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
