සජිත්ගෙන් රනිල්ට සහතිකයක් : තීරණාත්මක සාකච්ඡාව අද හවස

සජිත්ගෙන් රනිල්ට සහතිකයක් : තීරණාත්මක සාකච්ඡාව අද හවස

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්ත හමුවේ පක්ෂ නායකත්වය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව තමන් පිළිගන්නා බව එහි නියෝජ්‍ය නායක අමාත්‍ය අජිත් ප්‍රේමදාස සහතිකවූ බව වාර්තා වෙයි.එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්ත හමුවේ පක්ෂ නායකත්වය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව තමන් පිළිගන්නා බව එහි නියෝජ්‍ය නායක අමාත්‍ය අජිත් ප්‍රේමදාස සහතික වූ බව වාර්තා වෙයි.

ඒ ඊයේ (24) පැවති එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු රැස්වීම අවස්ථාවේදීය.

තීරණාත්මක සාකච්ඡාව අද හවස 

කෙසේ වුවත් එම කමියු රැස්වීම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්ත සම්බන්ධව අවසන් තීරණයක් නොමැතිව අවසන් වී ඇති බවත් ඒ හේතුවෙන් අද (25) දිනයේ නැවත තීරණාත්මක ප්‍රතිසංවිධාන කමිටු රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ප්‍රතිසංවිධානය හෙටින් අවසන් වෙයිද ?

අද සවස 5.00 ට පමණ මෙම රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අතර එහිදීද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධව අවසන් එකඟතාවයකට ඒමට නොහැකි වුවහොත් නැවත හෙට දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර ජන්දයෙන් ප්‍රතිසංවිධානය යටතේ පක්ෂයේ තනතුරු තෝරාපත් කරගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ ලොක්කන්ට අජිත් පී. පෙරේරා බාල්දියක් පෙරළයි

එසේම ඊයේ පැවති පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු රැස්වීම අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පක්ෂයේ යාවජීව නායකයන්, නියෝජ්‍ය නායකයින් හෝ උප නායකයින් සිටිය යුතු නැති බවත් ඒ සියළු දෙනා ජන්දයෙන් තෝරාපත්කර ගතයුතු බව ඉතා දැඩිව අවධාරණය කර ඇති බවද එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය නායකකම වෙනුවෙන් ජන්දයකට සජිත් සුදානම් !

එහිදී නියෝජ්‍ය  නායක අමාත්‍ය  සජිත් ප්‍රේමදාස සඳහන් කර ඇත්තේ තමන් නියෝජ්‍ය නායක තනතුර සඳහා ඕනෑම අවස්ථාවක ජන්ද විමසීමකට මුහුණදීමට සුදානම් බවය.

කෙසේ වුවත් එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ  මේ වන විට එජාප ප්‍රතිසංවිධාන කටයුත්ත හමුවේ පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක තනතුරු සඳහා එජාප නායකයා විසින් නිලධාරීන් තේරීමට නියමිතව ඇති බවත් ඊට අමතරව පක්ෂ මහ ලේකම්, සභාපති, භාණ්ඩාගාරික මෙන්ම ප්‍රතිසංවිධානය යටතේ යෝජිත නව ලේකම් තනතුරු 03 ඇතුළු අනෙකුත් තනතුරු සඳහා රහස් ජන්දයක් තුළින් පත්කිරීම් සිදුකර ගැනීමට නියමිත ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න