ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත අද (4) පෙරවරුවේ යොමු කර ඇති බව වාර්තා වෙයි .
මේ වන විට ඉන්දියාවේ පවත්වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වෙන චෝදනා පිළිබඳ අවධානය යොමුකර මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් වාර්තා වෙයි .
මොහාන් ද සිල්වා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
