පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට තවත් සති තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.
පොලිස්පති සඳහා මීට පෙර ලබාදී තිබු සේවා දිගුව පසුගිය (02) වනදා අවසන් වූ අතර ඊයේ (03) සිට ලබාදී ඇති මෙම නව සේවා දිගුව සමග පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න ලබන සිව්වන සේවා දිගුව මෙය වෙයි.
මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
