V2025

සියත සම්මානයට කොක්කක්!

ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම විසින් සංවිධානය කරනු ලැබූ Bestweb -  BestWeb.lk තරගාවලියේ  www.siyathanews.lk- Siyatha Newsවෙබ් අඩවිය තේරී පත්වීම ගැටළු සහගත බවත් ඒ තුළ කිසියම් වංචාවක් සිදුවී ඇති බවට සැකයක් පවතින බව මාධ්‍ය ආයතන සඳහන් කරයි.
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් gmail සේවාව ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දෙන අතර   අප එය කිසිඳු සංස්කරණයකින් තොරව මෙසේ පළකරමු.
  
මෙයට පෙර සෝෂල් මීඩියා ඩේ හිදී සිදුවූ අසාධාරණය හෙළිකිරීමත් සමග තවත් බොහෝ දෙනා අප පණිවිඩ ඒවා තවත් එවැනි අසාධාරණකම් පිලිබඳ දැනුවත් කර සිටියා.

මෙහිදී ප්‍රධාන තැනක් ගත්තේ සියත එෆ්.එම් - Siyatha FMවිසින් මෑත කාලයේ සම්මාන ලබාගැනීම සිදුකළ වංචනික ක්‍රියා පිළිවෙතයි.

සියත එෆ්.එම් - Siyatha FM ගුවන් විදුලියේ සම්මාන මගඩිය කරලියට එන්නේ "ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවිය" ලෙස www.siyathanews.lk- Siyatha Newsවෙබ් අඩවිය ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම විසින් සංවිධානය කරනු ලැබූ Bestweb - BestWeb.lk තරගයෙන් තේරී පත්වීමත් සමගයි.

මෙහිදී පැන නගින ප්‍රධාන ගැටලුව වන්නේ සම්මාන සඳහා ජනතා ආකර්ෂණයක් නොමැති වෙබ් අඩවි සිය කූඨ උපක්‍රම මගින් ජයග්‍රහණය කිරීමට අදාළ ඩිජිටල් සම්මාන උළෙලවල් මගින් ඉඩ සලසා තිබීමයි.

1- බෙස්ට්වෙබ්- BestWeb.lk සම්මාන උළලේ අදාළ අංශ සඳහා තමන්ගේ වෙබ් අඩවිය ඉදිරිපත් කොට එය තම Web Audience වෙත ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සලසා තිබුණි. මනාපය ගිණුමක් විවෘත කොට ලබාදීමට සලසා තිබුණි.

2- සෝෂල් මීඩියා ඩේ - Social Media Day - 2018 සම්මාන උළලේද තත්වය එසේ තිබුණි. මනාපය, නම, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය මගින් ලබාගැනීමට කටයුතු යොදා තිබුණි.

නමුත් ලංකාවේ සයිබර් අවකාශය තුල සැබෑ ජනතා මනාපයක් හිමි නොකරගත් සියත ගුවන් විදුලිය - Siyatha FM එය කෘතිමව පෙන්වනු වස් ඔවුන්ගේ කූඨ උපක්‍රම මගින් ඉහත සඳහන් කළ තරඟ දෙකටම මනාප රැස්කොට සම්මාන දිනාගනු ලැබීය.

මෙයින් සිදුවන්නේ එම සම්මාන උළලේ වටිනාකම අඩු වීමයි එමෙන්ම සම්මාන ලැබූ අනෙක් සම්මාන වලද වටිනාකම නොමැති වී යාමයි.

සියත දිනූ සම්මානවලට ඔවුන් සැබෑ හිමිකරුවන්දයි දැන් විමසා බලමු.

ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවිය - www.siyathanews.lk (Bestweb - 2018)

ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවිය තවමත් බොහෝ දෙනෙක් නොදන්නා වෙබ් අඩවියකි. එය ජනතාව වෙත හඳුන්වා දීම පිලිබඳ Bestweb -BestWeb.lk උළලේ සංවිධායක වරුන්ට ස්තූතිවන්ත වියයුතුය. මෙම වෙබ් අඩවිය ඇලෙක්සා වෙබ් ශ්‍රේණි ගත කිරීම් අනුව පසුවන්නේ 16,944 වන ස්තානයේය. 

අඩුම තරමේ ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම් සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමට ප්‍රමාණවත් තරම් Traffic එකක්වත් ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවියට ලැබෙන්නේ නැත. මේ තත්වය යටතේ ලංකාවේ හොඳම සිංහල වෙබ් අඩවිය ලෙස සියත නිව්ස් වෙබ් අඩවිය සම්මාන ලබා තිබේ.

සමාජ ජාල වල ජනප්‍රියම රේඩියෝ නාලිකාව - Siyatha FM - Siyatha FM(Social Media Day 2018 - Social Media Day - 2018)සමාජ ජාල තුල ජනප්‍රියම රේඩියෝවට ෆේස්බුක් තුල ඇත්තේ ලයික් 70,000 කට ආසන්න ප්‍රමාණයකි. පසුගිය සතියේ පේජ් රීච් එක 10,000 කි. මෙම තත්වය යටතේ අන් සියලු ගුවන් විදුලි නාලිකා සියල්ල අභිබවා සියත එෆ්.එම් Siyatha FM ජනප්‍රියම ගුවන් විදුලිය බවට පත්ව තිබේ.

ඉතා කෙටි කලක් තුල තිබු සම්මාන උළෙලවල් දෙකකදී ජනතා ආකර්ෂණය නොමැති සියත මෙම සම්මාන වලට හිමිකම් කීම තුලින් ඔවුන් විසින් සම්මාන ලබාගැනීම සඳහා යම්කිසි කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇති බව පැහැදිලිය.

එහෙයින් සියත මෙම සම්මාන ප්‍රවර්ධනය කරන වෙලාවේ ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුත්තේ ඔවුන් මෙම සම්මානය ලැබීමට සැබවින්ම සුදුසුදැයි යන්නයි.

ට්‍රැෆික් නැති උනත්, ජනතා ආකර්ෂණය නොමැති වුවත්, මනාප ලැබුනේ සියතට නිසා ඔවුන්ට සම්මාන හිමිවීම සාධාරණ යැයි කෙනෙකුට තර්ක කළ හැක. ගැටලුවද වන්නේද එයයි. ඒ මෙම සම්මාන උළෙලවල් වල ඇති දුර්වල ස්ථාන මනාවට පෙන්නුම් කර ඇති බැවිනි.
Capturesiyatha
newstube.lk  සංස්කාරක සටහන : කළමනාකාරීත්වය විසින් ගනුලැබූ තීරණයක් මත අප  වෙබ් අඩවියද ඔය කියන bestweb.lk සම්මාන තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබිණ. එහෙත් සම්මාන ලැබීම හෝ නොලැබීම ගැන අපට නම් ගැටළුවක් නැත. ඒ අප මේ ජීවත්වන සමාජ ක්‍රමය ගැන දැනුවත් නිසාය. ඒ පදනමින් සියත හොඳම වෙබ් අඩවියද නැද්ද යන්න පවා අප තකන්නේ නැත.

මිනිස්  සංහාරයක් ඒකපාර්ශික වාර්තා කරණයක නිරතවූ මහා  මාධ්‍ය සම්ප්‍රදායක් පවත්වාගෙන ආ මෙරට මාධ්‍ය, අද සම්මානයක් අහිමිවීම සහ ඒ තුළ ආචාරධර්ම ප්‍රශ්න කිරීම විකාරයකි. අපට අනුව නම් එවැනි මාධ්‍ය සම්ප්‍රදායක් උරුම කරගත් සහ අදටත් එය නඩත්තු කරන මාධ්‍ය සම්මාන උළෙලක් සම්බන්ධව ආචාර ධර්ම ප්‍රශ්න ඇසීමත් isis, අල්කයිඩා වැනි සංවිධාන පොදු ස්ථානවල  බෝම්බ ගසමින් බටහිර ප්‍රාග්ධනය පරාජය කිරීමට දරන උත්සාහයේත් වෙනසක් නැත. 

සම්මානය නොලැබීම සහ කොහොම හෝ එය ලබා ගැනීම ප්‍රාග්ධන ආධිපත්‍ය සහ එහි උකහා ගන්නට දරන කොටසේ ප්‍රමාණය සහ ගුණය සම්බන්ධ කාරණයකි. සම්මානය ලබාදීමත්, ඊට සකස්කර තිබූ පසුබිමත් එසේය. එයද  ප්‍රාග්ධන ආධිපත්‍ය සහ එහි උකහා ගන්නට දරන කොටසේ ප්‍රමාණය සහ ගුණය සම්බන්ධ කාරණයක් මිස අත්වැරදීම්, අමුතු ගේම්  නොවේය. ඒ බව දන්නා නිසා අප මේ ඉදිරියේ හිරි වැටෙන්නේ හෝ අඬන්න යන්නේ නැත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found