මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම : ජනාධිපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම : ජනාධිපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබා දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (10) පැවති කැබිනට් හමුවේදී මෙම අනුමැතිය හිමිවී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට සම්බන්ධයෙන් දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

මේ තත්වය මත මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත්,මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය බේරා ගැනීම සඳහා මරණ දඬුවම අකමැත්තෙන් වුවද ක්‍රියාත්මක කරන්නට තමාට සිදුව ඇතැයි සඳහන් කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදි කරන්නන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනයක් ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් තමාට ලබා දෙන ලෙසත්,මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නමගිය ජාවාරම් කරන්නන් 19 දෙනෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබී ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.Gamini Jayawickrama Perera

ජනාධිපතිගේ යෝජනාව හැමෝම අනුමත කළා - බුද්ධශාසන අමාත්‍ය මේ අතර බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩළයම අත් ඔසවා එකඟ වූ බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

“ප්‍රධාන තීරණයක් ගත්තා. ඒකට ජනාධිපතිතුමාට මම ස්තූතිය ප්‍රකාශ කරනවා. මුළු කැබිනට් මණ්ඩලයට එකහෙළාම කෑ ගහලා කිව්වා හිරේ ඉඳගෙන රට විනාශ කරන අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මම බුද්ධ ශාසන ඇමති වුණත් කියන්න වෙනවා, බුදුරජාණන් වහන්සේත් නීතිය, විනය ලෝකයට පෙන් වූ ශාස්තෘන් වහන්සේ නමක්.

මරණීය දණ්ඩණය කියන එක අපි ගේන්න ඕන. නැත්නම් රට විනාශයි. ඒක නිසා මුළු කැබිනට් මණ්ඩලය එක හෙළාම දැඩිව ප්‍රකාශ කළා රටේ නීතියක් විනයක් තියෙන්න ඕන කියලා. හිරේ ඉඳලා, පිටරට ඉඳලා මත්කුඩු ගේනවා. මේක ක්‍රියාත්මක කරන්න අධිකරණ අමාත්‍යතුමිය උපදෙස් දුන්නා. අධිකරණ අමාත්‍යතුමිය මෙය අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කරයි. නීතිය ක්‍රියාත්මක වෙයි. කැබිනට් එකේ කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒක හරි සතුටක් එහෙනම නැත්නම් රට විනාශයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න