රත්නපුරේ මැර කහකඩයා : පොලිස් සැරයන්ව මරාදාලා !

රත්නපුරේ මැර කහකඩයා : පොලිස් සැරයන්ව මරාදාලා !

රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී ගෙල මිරිකා  සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අදාළ හිමිනමට විරුද්ධව  අධිකරණයේ විභාගවන නඩුවක සිතාසියක්  භාරදීම සැරයන්වරයා   අද (10) උදෑසන 9.30 පමණ  එම විහාරස්ථානයට ගිය අවස්ථාවේ  මෙම මරණීය පහරදීමට මුහුණ දී  ඇත.

එහිදී  විහාරස්ථනය අසළ සිටි පුද්ගලයකු විසින් 119 අංකය අමතා මේ පහරදීම සම්බන්ධව දැනුම්දී  ඇති අතර ඊට අනුව පොලිස් කණ්ඩායමක් පන්සලට පැමිණි අවස්ථාවේ සැකකාර හිමිනම අත්බෝම්බයක් ගෙන එම පිරිසට ද පහරදීමට සූදානම් වී ඇති අතර එහිදී පොල්ලකින් අතට ගසා ඔහුව මර්දනය කරගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම සිදුවීමෙන්  මරණයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය පල්ලෙබැද්ද පදිංචි දෙදරු පියෙක් වන රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කළ සමරවික‍්‍රම (44101) නම් පොලිස් සැරයන්වරයාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න