මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ජූලි 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
අදාළ නඩුව අද (10) කැඳවූ නමුත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දන්වා ඇත්තේ සැකකරු රෝහල් ගතකර ඇති බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවය.
ඒ අනුව සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝගකර ඇති අතර මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
