නීතියේ අධිපත්‍ය බිඳවැටී තිබුණ සමය නලින් බණ්ඩාර සිහිකරයි !

නීතියේ අධිපත්‍ය බිඳවැටී තිබුණ සමය නලින් බණ්ඩාර සිහිකරයි !

වර්තමානයේ නිතීයේ ආධිපත්‍ය බිඳවැටී නොමැති බවත් නීතියේ අධිපත්‍ය බිඳවැටී තිබුණේ  හිටපු ආරක්ෂක ලේකම්වරයා ගේ කාලයේ දී බව රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසයි. 

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය. 

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනක මෙරට නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති බවට සිදුකළ  කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය  අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර එහිදී  ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට සිදුවන අපරාධවල අඩුවීමක් දක්නට ඇති බවය. 

එසේම පසුගිය කාලය තුළ සිදු කළ වැටලීම් හේතුවෙන් වෙළඳපොළේ මත් කුඩු දුලබවීම හේතුවෙන් එක් පැකැට්ටුවක් සඳහාවු මිල ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කල අතර රුපියල් 700කට පැවති මත් කුඩු පැකට්ටුවක් අද වන විට රුපියල් 2500ක වැනි මිලකට අලෙවි වන බවත් වැටලීම් නිසිලෙස සිදුවන බව එයින් පෙන්නුම් කරන බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න