බැඳුම්කර ගනුදෙනුව ගැන වෝහාරික විගණනය සූදානම් !

බැඳුම්කර ගනුදෙනුව ගැන වෝහාරික විගණනය සූදානම් !

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව  සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම සඳහා සුදුසු ආයතනවලින් අයැදුම්පත් කැඳවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ බව සඳහන් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කරන ආකාරයට දැනටමත් ඒ සඳහා සමාගම් 5කින් අයැදුම්පත් ලැබී ඇති බව ය.

විදේශීය විගණන විශේෂඥයෙකුගේ ප්‍රධානත්වයෙන් වෝහාරික විගණනය සඳහා කමිටුව පත් කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.
එසේම  රජයේ වෙන්දේසි අංශය, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා මහ බැංකුව එක්ව යෝජිත වෝහාරික විගණනය සිදු කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කර ඇත.

වෝහාරික විගණනය සඳහා දේශීය සහ විදේශීය සමාගම් වෙත ලබන 25 වන දා තෙක් අයැදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් අයදුම් කරන ආයතනවලින් ඉතාම සුදුසු ආයතනය හඳුනා ගෙන අදාළ විගණනය සිදු කිරීමට ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.

වෝහාරික විගණනයේ ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය විගණනයක් මගින් අනාවරණය නොවන කරුණු මෙම විගණනය තුළින් අනාවරණ කර ගැනීමට හැකිවීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න