නාමල්ගේ නඩුවත් කල්යයි !

නාමල්ගේ නඩුවත් කල්යයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් යොදවා ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය එළඹෙන  31 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ ඊයේ (09) විභාගයට ගැනීමට නියමිතව තිබුණත් සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බවට පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට දන්වා සිටි බැවින් මෙසේ නඩු විභාගය කල්තැබීමට නියම කර ඇති අතර 31 වන දාට   අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුට දන්වන ලෙසද සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර  නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමැත්තා මේ වන විට අධිකරණය මඟ හැර විදේශගතව සිටින අතර මහාධිකරණය තීන්දු කර ඇත්තේ ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න