කෝටි දෙකේ අල්ලස් නඩුව : සැකකරුවන්ට මෙවරත් ඇප නෑ !

කෝටි දෙකේ අල්ලස් නඩුව : සැකකරුවන්ට මෙවරත් ඇප නෑ !

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්.කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ලබන 13 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අදාළ නඩුව  අද(10) කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් සැකකරුවන් සම්බන්ධයෙන් නව ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කර ඇත්තේ  තමා දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති අතර  එවැනි ඉල්ලීමක් කරනවා නම් කළ යුත්තේ ඉහළ අධිකරණයක බවයි.

කෙසේ වෙතත් මෙහිදී විත්තියේ නීතිඥවරු සඳහන් කර සිටියේ නව කරුණු පදනම් කරගෙන ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව සැකකරුවන් ලබන 13 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට ඇප ඉල්ලීමට අදාළ කරුණු ඉදිරිපත් කරන්නයි විත්තියේ නීතිඥවරුන්ට නියම කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණේ කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රෝපකරණ පවරා දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය රුපියල් මිලියන 100 දක්වා අඩුකර ඉන් මිලියන විස්සක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න