නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම්දෙයි !

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම්දෙයි !

තවත්රා ජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (10) රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බව වාර්තා වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල සහ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන ය.

මෙහිදී නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ. සී. අලවතුවල දිවුරුම් දී ඇත.

මීට පෙර ලකී ජයවර්ධන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ. සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන ලදී.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ද  දිවුරුම් දීමේ මෙම අවස්ථාවට සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න