ජගත් සුමතිපාලගේ ගැහිල්ලට එරෙහිව බෞද්ධ සම්මේලනයේ විරෝධතාව අද !

ජගත් සුමතිපාලගේ ගැහිල්ලට එරෙහිව බෞද්ධ සම්මේලනයේ විරෝධතාව අද !

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සතු රුපියල් බිලියන ගණනක් වටිනා දේපල අවභාවිතා කිරීම හා ව්‍යවස්ථා විරෝධී පාලනයක් ගෙනයාමට එරෙහිව එහි සභාපති ජගත් සුමතිපාලට එරෙහිව අද (10) පස්වරු 2.30 ට එම සම්මේලනය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන සුදත් දේවපුර මහතාගේ නායකත්වයෙන් පෙළගැසී ඇති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

 මේ සම්බන්ධයෙන් සුදත් දේවපුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුගිය මහා සභාවේදී ගිණුම් සම්මත නොවීම නිසා එය නිවැරදි කර විශේෂ සභාවක් රැස්කර මාස හයක් තුළ එය සභා සම්මත කරන බව පැවසුවද එය මෙතෙක් සිදු නොවීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින් අදාළ  විරෝධතාව පැවැත්වෙන බවය.

එසේම  බෞද්ධ මහා සම්මේලනයේ මතුව ඇති අක්‍රමිකතා ඇතුළු පරිපාලන ප්‍රශ්න සම්බන්ධව  ඊයේ (09) දිනයේදී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම සමඟ සාර්ථක සාකච්ඡාවක් සිදුකිරීමට හැකිවූ බවත් එහි දෙවැනි අදියර ලෙස  ජනාධිපතිවරයා, අගමැතිවරයා හා කථානායකවරයා දැනුවත් කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවය.

එසේම ජගත් සුමතිපාල  සමයේ අන්‍යාගමික කරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත් කළ බවත්, ඔවුන් මුළු රටවටේම ගොස් සාක්ෂි විමසා පොතක් සැකසූ බවද, පසුව ඔවුන් එම පොත මුද්‍රණය කර තායිලන්තයේ පිහිටි ලෝක බෞද්ධ සම්මේලනයට පෙන්වා ජගත් මහතාගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගත් බවට ද දේවපුර මහතා චෝදනා කර සිටී.

එම කොමිෂන් සභාවේ සිටි නීතීඥ ජයතිලක දිසානායක මහතා, අදාළ කොමිෂන් සභාව විසින් සැකසූ අන්‍යාගමික කරණය සම්බන්ධ පොත කිසිදු ප්‍රයෝජනයකට නොමැත්තක් බව සඳහන් කරන බවද දේවපුර මහතා පැවසීය.

මේ අතර, බෞද්ධ මහා සම්මේලනයේ මුදල් හා දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

සබැඳි පුවත් :

බෞද්ධ මහා සම්මේලනයේ බිලියන ගණනක ගැහිල්ලක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න