රාජපක්ෂ යුගයේදී පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දීමට කමිටු නිර්දේශ පුළුල් කරයි

රාජපක්ෂ යුගයේදී පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දීමට කමිටු නිර්දේශ පුළුල් කරයි

2005 - 2015 කාල සීමාව තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා කැබිනට් තීරණයක් අනුව පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට හා සංවිධානවලට යළිත් අවස්ථාවක් ලබාදීමට ඒ වෙනුවෙන් පත්කර ඇති කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදීම්වලට සහ නොයෙකුත් හිරිහැර කරදර හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන් පිළිබඳ ඉල්ලීම් කැඳවීමට එම අනුකාරක කමිටුව තීරණය කර තිබේ.

මෙම යෝජනා හා ඉල්ලීම් 2018 අගෝස්තු 10 දිනට පෙර පහත සඳහන් ලිපිනයට, ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙස මුදල් හා

ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

ලේකම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයඅංක 163,

ඇසිදිසි මැඳුරකිරුලපන මාවත,

පොල්හේන්ගොඩ,

කොළඹ 05ෆැක්ස් - 0112513645/ 0112513469

ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න