විජයකලා ගැන කථානායකගේ තීරණය : ලබන සතියේ පාර්ලිමේන්තුවට !

විජයකලා ගැන කථානායකගේ තීරණය : ලබන සතියේ පාර්ලිමේන්තුවට !

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධව  හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය ලබන සතියේ පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. 

ඊට  අදාළව පක්ෂ නායක රුස්වීමක් කැඳවා පක්ෂ නායකයන්ගේද අදහස් විමසා බැලීමටද  කතානායකවරයා අපේක්ෂාවෙන් සිටින බවත් එසේම විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට අදාළව නීතිපතිවරයාගේ මතය විමසීමටද  මේ වන විටත් කතානායකවරයා කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව නීතිපතිවරයාගේ මතය  ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත බවත් නීතිපතිවරයාගේ මතය ලැබුණු පසුව ඒ මතය පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට ද  දැනුම්දී සාකච්ඡා කර අවසාන් තීන්දුව දැනුම්දීම  කතානායකවරයාගේ තීරණය වී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න