මත්ද්‍රව්‍ය පාලනයට ත්‍රිවිධ හමුදා සහය 

මත්ද්‍රව්‍ය පාලනයට ත්‍රිවිධ හමුදා සහය 

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සර්ථකව මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ  සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සක්‍රීය දායකත්වය වැඩිවශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න