Language Switcher

V2025

වීරවංශට තියෙන්නේ මානසික ව්‍යාකුලත්වයක් : එජාප   

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අනුව ඔහු කිසියම්  මානසික ව්‍යාකුලත්වයකින්  පෙලෙන බවක්  හැඟෙන බව එජාප නියෝජිතයකු සඳහන් කරයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල නිරත වී සිටින සිංගප්පූරු සංචාරය අතරතුරදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව මුණ ගැසීමට නියමිත බවට   විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර තිබුණේ,  අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල නිරත වී සිටින සිංගප්පූරු සංචාරය අතරතුරදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව මුණ ගැසීමට නියමිත බවට   තමන්ට තොරතුරු ලැබී  ඇති බවය.

මෑතකදී සම්මත කල නව පනතක් අනුව ලංකාවේ මුළු ණය බරින් 10%ක් අගමැතිවරයාට ඕනෑම විදෙස් මුල්‍ය ආයතනයකින් ණය ගත හැකි බවත් එම ණය ගැනීම කලමණාකාරනය කරනු ලබන්නේ අර්ජුන් මහේනද්‍රන් බවත් මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කර තිබිණ.

මේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා පෙන්වා දුන්නේ වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධව පැවති නඩුවක් සඳහා අධිකරණයේ පෙනී සිටීමෙන් පසු ඔහු මේ ප්‍රකාශය සිදුකල බවත් කළ පව් පස්සෙන් එන්න ගත්විට මනස දුර්වල අයට සිදුවන දේ දැන් වීරවංශ මන්ත්‍රීවරයාටද සිදුව ඇති බවය.
එසේම පසුගිය කාලයක සිට වීරවංශ මන්ත්‍රීවරයාට යතාර්ථයට සම්බන්ධ විය නොහැකි බව ඔහුගේ ප්‍රකාශ වලින් පෙනීයන බවත්   මායා දර්ශන සහ  බුද්ධිය අඩුවිම එහිදී පැහැදිළිව  නිරීක්ෂණය වන බවද එජාප නියෝජිතයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

"දැන් බලන්න වීරවංශ මන්ත්‍රීතුමා එක පාරට කෑගහනවා බුදු අම්මෝ, අන්න කොටි එනවෝ කියලා. නැත්නම් ඔන්න ප්‍රභාකරන් එනවා, අන්න එනවා, කියනවා.

මට පෙන්නේ එයාට පේනවා ඇති ප්‍රභාකරන් ආයෙත් නැගිටලා ඇවිදගෙන එනවා වගේ. ඒ වගේමනේ,දැන් බලන්න වීරවංශ මන්ත්‍රීතුමා ඔන්න ආයෙත් කෑගහනවා, අන්න රට බෙදිලා, උතුර නැගෙනහිර වෙන්වෙලා, උතුර වෙනම, නැගෙනහිර වෙනම වෙන්වෙලා කියනවා. ඒ කියන්නේ එයාට පේනවා රටේ කොටස් වෙන්වෙලා තාප්ප බැඳලා, එහෙමත් නැත්නම් කැබලි වෙලා මුහුදේ පාවෙනවා වගේ. නැත්නම් මොකක්ද මේ ඔහේ කෑගහන්නේ. ඒ වගේම තමයි අගමැතිතුමා  6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව සඳහා සහභාගී වෙන්න ගියහම මෙයා කියනවා වෙන කතාවක්. අප්සෙට් නැත්නම් මෙහෙම කියවනවද? ඒ විතරක් නෙවෙයි, අර්ජුන් මහේන්ද්‍රන් හම්බෙනවා පේනවා, සල්ලි අදිනවා පේනවා, මං ඒකයි කියන්නෙ අප්සෙට් කියලා. අර බලන්නකෝ පාර්ලිමේන්තුවේ හැසිරුණ හැටි. සාමාන්‍ය මන්ත්‍රීවරුන් අතරින් එයාව වෙනම කැපිලා පෙනුනා නේද? මනෝ විකාර පේනවා, එක එක ශබ්ද ඇහෙනවා, මට තියන දැනුම අනුව නම් පොඩි සයිකෝසියා තත්ත්වයක් වගේ. කොහොම වුණත් ප්‍රශ්නය තියෙන්නේ එයා බෙහෙත් නොගන්න එක. නැත්නම් එයා අප්සෙට් හංගගෙන ඉඳලා සමාජය ලෙඩ කරන එක.කොහොම වුණත් මේ මනුස්සයට අනුකම්පා කරන්න ඕන"

සයිකෝසියාව හෙවත් මනෝ විකාරය යනු මනසේ ඇතිවන අසාමාන්‍ය තත්වයකි. එය විස්තර කරනුයේ යථාර්තය සමග සමිබන්ධ විය නොහැකි මානසික තත්වයක් ලෙසයි ("loss of contact with reality"). ලොව පුරා බොහේ මිනිසුන් පිරිසක් මෙයට අයත් විවිධ තත්ත්වයන්ගෙන් පිඩා විඳිති. බොහෝ දෙනා පවසන ආකාරයට  මෙලෙස හදුන්වයි. මෙම පොදුවේ හදුන්වන සයිකෝසියාව නම් තත්වයේ විවිධ ස්වරූපයන් ඇත  යනාදිය මෙම තත්ත්වයට ගැනේ. මෙම ඉහත කි ලක්ෂණ භින්නෝන්මාදය ලෙස හැඳින්වෙන රෝගයටද බොහෝවිට අදාල ලක්ෂණ වේ.