මරණ දඬුවමට ඇමති මංගල විරුද්ධ වෙලා ! 

මරණ දඬුවමට ඇමති මංගල විරුද්ධ වෙලා ! 

මත්ද්‍රව්‍ය ජාවාරම්  නතර කිරීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවට මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර  විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි.

කැබිනට් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ යෝජනාවට යෝජනාවට කැබිනට් මණ්ඩලයේ බහුතරයක් සාමාජිකයින් අත්පොලසන් දෙමින් ප්‍රතිචාර පළකරද්දී අමාත්‍ය මංගල සමරවීර  නිහඬව සිට ඇති අතර ඒ  දුටු ජනාධිපතිවරයා, '' මංගල ඇමතිතුමා විතරක් එකට විරුද්ධ වගේ '' යයි පවසා ඇත.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ  ''ඔව් මරණ දඬුවම ආයෙත් ගෙන එනවට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. එත් කුඩු ගෙන්වන බෙදාහරින අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන්න ඕන'' කියාය.

සබැඳි පුවත් :

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම : ජනාධිපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න