මහින්ද, ගෝඨාභයට පිටුපායිදැයි 'වියත්මඟ'ට සැකයක් !   

 මහින්ද, ගෝඨාභයට පිටුපායිදැයි 'වියත්මඟ'ට සැකයක් !   

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කර නැතැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා (15) කල ප්‍රකාශයත්, ඊට සමාන්තරව කුමාර වෙල්ගම මහතා හා වාසුදේව නානායක්කාර යන ඒකාබද්ධයේ නායකයින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ පහරදීමත් 'වියත්මඟ' සංවිධානයේ කනස්සල්ලට හේතුවී ඇත.

නාලක ගොඩහේවා ප්‍රසිද්ධියේ විරෝධය දක්වයි !

ඒ සම්බන්ධයෙන් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා ඇති 'වියත්මඟ' සංවිධානයේ ප්‍රධානියකුවන නාලක ගොඩහේවා මහතා පවසන්නේ, අවසානයේ ජනතාව පිලිගන්නා අපේක්ෂයා නැතුව දිනිය නොහැකි බව කෘතහස්ත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගන්නා බව තමාට විශ්වාස බව ඔහු  කියා සිටියි.

ගොඩහේවාගේ බුකී සටහන 

image1

අපි පටු ලෙස නොසිතන ලෙසත්, ප්‍රායෝගික වන ලෙසත්, පුද්ගල විරෝදය ප්‍රධාන අරමුණට බාධාවක් කර නොගන්නා  ලෙසත් ඒකාබද්ධ විපක්ෂ නායකයින් ගෙන් ඉල්ලා සිටින ගොඩහේවා මහතා, ඊළඟ මැතිවරණය  විශාල සටනක් බවට අනතුරු අඟවා සිටියි.

අන්තර්ජාල මාධ්‍ය ජාලය තම සංවිධානයේ ප්‍රබලම අවිය වුවද පුලුල් සංවිධාන ජාලයක් නොමැතිව අන්තර්ජාලයෙන් පමනක් ඡන්ද දිනිය නොහැකි බව පවසන ගොඩහේවා මහතා, කෙසේනමුත් අවසානයේ ජනතාව පිළිගන්නා  අපේක්ෂකයා නැතුව දිනිය නොහැකි නොහැකි බව ද අවධාරණය කර තිබේ.

අජිත් ප්‍රසන්නත් මහින්දගෙන් ගේම ඉල්ලයි !

මේ සම්බන්ධව විරෝධය දැක්වීමක් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශකයකු ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න විසින්ද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් තබා ඇත.

Captureaji

Captureaji1

Captureaji2

Captureasasas

කෙසේ වෙතත්, පසුගියදා  (15) පිළියන්දල පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන බවක් තමා කිසිවිටෙක ප්‍රකාශකර නොමැති බවය.

''ඔබතුමා අපිට නොකීවට ලොකු හාමුදුරුවෝ දන්නවා ඊළඟට ඉදිරිපත් වෙන්නේ කව්ද කියලා ? ගෝඨාභය මහත්තය බලයට ආවහම කරගන්නවා කියලා උන්වහන්සේ කිවා'' යයි පවසමින්, මාධ්‍යවේදියකු ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේදැයි ව්‍යංගාර්ථයෙන් විමසු අවස්ථාවේදී ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා, ''මම එහෙම දෙයක් ප්‍රකාශ කරලා නැ.  මම අයෙත් බලයට ආවහම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ කරන්න පුළුවන්'' යයි පැවසිය.

වාසු සහ වෙල්ගම කියන කතා !

මේ අතර දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටම විනාශවන බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් පවසද්දී, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ, ''ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග අතිශය භයානක බවයි.

අළුගෝසු තනතුරට සුදුසුම ගෝඨාභය !
  මේ පිළිබඳ අදහස් දක්වමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසා ඇත්තේ, ජනාධිපති තනතුර කෙසේ වෙතත් මේ දිනවල පුරප්පාඩුව පවතින අලුගෝසු තනතුර සඳහා සුදුසු පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවයි.

පැල්මඬුල්ල, රිල්හේන විහාරස්ථාන භුමියේ පසුගියදා පැවැති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ රටේ ජනාධිපතිවරයා තෝරනු ලබන්නේ රටේ ජනතාව මිසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

''ගෝඨාභය මේ දවස්වල ජනාධිපති පුටුවට කෙළ හලනවා. ජනාධිපති පුටුවට සුදුසු පුද්ගලයා තෝරන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අති බහුතර ජනතාව මිස මහින්ද රාජපක්‍ෂ නොවෙයි. හැබැයි ගෝඨාභයට සුදුසු තනතුරක් මේ දවස්වල පුරප්පාඩුව තිබෙනවා. ඒ බෝගම්බර හිරගෙදර අලුගෝසු තනතුරු දෙකක් පුරප්පාඩුව තිබෙනවා.

අද පොහොට්ටුවේ ලොකුම ගැටලුව අනාගත ජනාධිපති අපේක්‍ෂකයා කවුරුද යන්නයි. බැසිල්ද, චමල්ද, ගෝඨාභයද යන ආදී වශයෙන් රාජපක්‍ෂ කඳවුරේ කවරෙක් මෙම තනතුර සඳහා තරගයට ඉදිරිපත් කරන්නේද යන්න අද ඔවුන්ට ලොකු ගැටලුවක්.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න