වීරවංශගේ බිරිඳ අන්දවා සේරම විස්තර ගත්තා - රංජන් 

වීරවංශගේ බිරිඳ අන්දවා සේරම විස්තර ගත්තා - රංජන් 

මේ වන විටත් අන්තර්ජාලයට මුදාහැර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සහ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අතර දුරකථන සංවාදය සැබෑවටම පටිගත කරන ලද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පිළිගෙන ඇත.

ඒ ඊයේ (16) විද්‍යුත් නාලිකාවක පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී අදාළ පටිගත කිරීමේ වගකීම පමණක් නොව තමන් එය සිදුකළේ මහා ලොකු දේශප්‍රේමයක් ගැන කතාකරන අයගේ සැබෑ තත්ත්වය අනාවරණය කිරීමේ අපේක්ෂාවෙන් එය සිදුකළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්කර ඇත.

එසේම එම කටයුත්ත තමන් සිදුකළේ වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳ අන්දවා බවත් එය ආචාර ධර්ම කඩකිරීමක් ලෙස ඇතැමුන් චෝදනා කලද ජනතාවට සත්‍ය අනාවරණය කිරීම වෙනුවෙන් එවැනි විවිධ උපක්‍රම තමන් යොදාගන්නා බවද ඔහු පවසා තිබේ.

කෙසේ වුවත් තමන් අදාළ දුරකතන  සංවාදයේදී පැවසු පරිදි විමල් වීරවංශ හෝ ඔහුගේ බිරිඳට එරෙහිව ඇති චෝදනා සමථයකට පත්කිරීමට  කතාකර නොමැති බවත් ඒ සියල්ල දුරකථන සංවාදයේදී සිදුකළේ වීරවංශ බිරිඳ අන්දවා සියල්ල දැනගැනීමට බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්කර තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අතර සිදුවූ අදාළ දුරකථන සංවාදය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න