මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
මේ පිළිබඳ නිවේදනය කරමින් විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත පවසා සිටින්නේ ජුලි 31 මධ්‍යම රාත්‍රියෙන් පසු පෞද්ගලික පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වන බව ය.
මෙවර 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ සැප්තැම්බර් 01 වනදාය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.