පාදෙණියගේ බොරු කතා ඉවරයි : 1990 සුවසැරියේ දරු උපතක්

පාදෙණියගේ බොරු කතා ඉවරයි : 1990 සුවසැරියේ දරු උපතක්

1990 සුවසැරිය ගිලන් රථයක් තුළ දරු උපතක් සිදුවීමේ පුවතක් වාර්තා වෙයි.

එම සුවරථ සේවය ආරම්භ කිරීමෙන් පසුව මෙවැනි පුවතක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙය වෙයි.

වාර්තා වන ආකාරයට පසුගිය 31 වනදා  අළුයම 3.20 පමණ පිටබැද්දර, ජම්බුගස්දොළ ප්‍රදේශයෙන් ගැබිණි මවක් ප්‍රසව වේදනාවෙන් පසුවන බවට 1990 සුවසැරිය ගිලන් රථ සේවයට ඇමතුමක් ලබා දී ඇත. එම ඇමතුම අනුව ක්‍රියාත්මක වු සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය යුහුසුළුව එම නිවෙස වෙත ගොස් ඇත.

ඉන් පසුව ගැබිණි මව කඩිනමින් මොරවක දිසා රෝහල වෙත රැගෙන එන අවස්ථාවේදී අළුයම 3.40 පමණ ගිලන්රථය තුළදීම දරුවා ප්‍රසූත කල බව  එම රථයේ සිටි තාක්ෂණ වෛද්‍ය නිලධාරී චන්දන සමන් කුමාර පවසයි.

අනතුරුව එම ගිලන් රථයේ නිලධාරීන් විසින් මව සහ අළුත උපන් බිළිඳා දරුවා මොරවක මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.  අදාළ බිළිඳා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් මොරවක රෝහලේ ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩී.ඩබ්ලිව්.කළුතොට තහවුරු කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා 1990 සුවසැරියට විරුද්ධ වුණා !

කෙසේ වුවත් අද දිනයේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා අහිංසක රෝගී ජනතාව පීඩාවට පත්වන ආකාරයට කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සුවරථ සේවය හඳුන්වා දෙන අවස්ථාවේ ඊට බරපතල විරෝධයක් දැක්විය.

එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මේ හරහා ඉන්දීය සෞඛ්‍ය සේවකයින් ලංකාවේ සෞඛ්‍ය සේවය ආක්‍රමණය කිරීමට යන බවය. එසේම රථ වලින් එන රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවත් ඒ හරහා ඉන්දීය ඔත්තු සේවා මෙරටට ඇතුල් වන බවත් ඔවුන් පැවසීය.

එහෙත් රජය අපහසුතාවට පත්වන අයුරින් ඔවුන් එදා සිදුකල ප්‍රකාශ මුළුමනින් අසත්‍ය බව දැන් තහවුරු වෙමින් ඇත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නම් නිතර නිතර රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජන කැඳවමින් සිටින්නේ ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීමට වන අතර ඒ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උපායමාර්ග සඳහා සහය දීමටය.

ඊට ආසන්නතම නිදර්ශනය ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ රාජපක්ෂ සමයේ  කොතලාවල වෛද්‍ය පීඨය සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන විට නිහඬව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ප්‍රශ්නය මේ ආණ්ඩුව විසදීමට කටයුතු කරන විට දැක්වූ ප්‍රතිචාරයය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න