"FBI" මහින්දව කොටු කරයි !

"FBI" මහින්දව කොටු කරයි !

ඇමරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ මෙරට දේශපාලන කටයුතු වෙනුවෙන් ෆෙඩරල් රහස් ඔත්තු කාර්යාංශය (FBI ) මැදිහත්වී මහින්ද රාජපක්ෂ වගකිව යුතු අති විශාල මුල්‍ය අපරාධයක් පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කරගෙන යන අතර, ඉක්මනින් ආන්දෝලනාත්මක කරුණු හෙළිකිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඇමරිකානු ජාතිකයෙක් වන ඉමාඩ් සුබේරි නම් තැනැත්තාට ඩොලර් අසූහත්කෝටි විසිලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව අනාවරණය වී ඇති බවද එම පුවතේ සඳහන්ව ඇත.

එසේම දැනට හෙළිවී කොන්ත්‍රාත්තුවේ වියදම නිවැරදි නම් ඩොලරයට රුපියල් 110.00 ක් වූ විනිමය අනුපාතය අනුව ගණනය කල විට රුපියල් කෝටි 9500ක් පමණ මුදලක් වන බවද එහි සඳහන්ව ඇත.

එම පුවත වැඩිදුරටත් අනාවරණය කරමින් ලංකා ඉරිදා සංග්‍රහයේ මෙසේද දැක්වේ.

මෙම මුදල් යොදවා ශ්‍රී ලංකාව පිළිබඳ කීර්ති නාමය ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනය කිරීම නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එල්ලවූ චෝදනා හමුවේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය පිළිබඳ යම්කිසි ප්‍රචාරණයක් කළ බව 2010 වර්ෂය මුලදී පමණ හෙළිවී තිබුණි.

රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස පත්කර සිටි  කුප්‍රකට ජාවාරම්කරුවකු වන සජින් වාස් ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් ඉමාඩ් සුබේරි නම් ඇමරිකානු ජාතිකයාට මෙම කොන්ත්‍රාත්තුව බලා දී ඇත.

එවකට සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අදාළ මුදල ඩොලර්වලින් අවස්ථා කිහිපයකදී ගෙවීමට අවශ්‍ය කටයුතු සියල්ල සලසාදී තිබේ.

මෙම අතිවිශාල මුල්‍ය අපරාධය පිළිබඳව හවුල් ආණ්ඩුව බලයට පත්වූ ආසන්න සමයේදී සජින් වාස් ගුණවර්ධන කේන්ද්‍ර කරගනිමින් පරීක්ෂණ ආරම්භ කල අතර, පසුව අත්හැර දමනු ලැබීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න