තිලංගගේ පත්තරේ මහින්ද උස්සන්න බොරු ලියලා !

තිලංගගේ පත්තරේ මහින්ද උස්සන්න බොරු ලියලා !

තම පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  ඒ සම්බන්ධයෙන් මාධ්‍ය පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය වන බවය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ ඇතුළු සුළු පක්ෂ කිහිපයක් ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තරග කිරීමට තීරණය කර ඇති බවට මාධ්‍යවල පළ වු පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන්  මෙම අදහස් පළ කළේය.

තිලංගගේ පත්තරේ තිබුන විස්තරේ 

මේ සම්බන්ධ පුවතක්  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට අයත් ලක්බිම පුවත්පත වාර්තා කර තිබු අතර එය පහත පළවේ.
ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන සුළු පක්ෂ නායකයන් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු යොදා තිබේ.

ආණ්ඩුවේ සංයුතිය වෙනස් කොට ඉදිරියේදී අයවැය පරාජය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කොට තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේය. 

සුළු ජාතික පක්ෂ ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ කර ගැනීම තුළ අයවැය පරාජය කොට ආණ්ඩුව අස්ථාවර කිරීමටත් ඉන් පසු ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවද ඒ මන්ත්‍රීවරයා කීවේය.

මුලින් සුළු ජාතික පක්ෂ සමග සාකච්ඡා කොට ඉන් පසුව අනෙකුත් පක්ෂ හා වෙන වෙනම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලා‍පොරොත්තු වන බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න