බැසිල්ගේ ජල ගැහිල්ල මෙන්න : මේ කෝටි 920 ක ගැහිල්ලක් !

බැසිල්ගේ ජල ගැහිල්ල මෙන්න : මේ කෝටි 920 ක ගැහිල්ලක් !

"බැසිල්ගේ  තවත් ගැහිල්ලක් : අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !" මැයෙන් newstube.lk  හී පළවූ ප්‍රවෘතියට අදාළ තවත් තොරතුරු මේ වන විට ලැබී ඇත.

ඊට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක දී  බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ඇ.ඩො.මිලියන 57.5ක වංචාවක් සිදුකර ඇත. 

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී දිනේෂ් ඉන්දික රාජපක්ෂ ඇතුළු පිරිසක් පසුගියදා (10) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත සිදුකල පැමිණිල්ලේ මේ බව සඳහන් අතර 2012 වසරේදී සැලසුම් කරන ලද අදාළ ව්‍යාපෘතිය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඇස්තමේන්තුව වී ඇත්තේ ඇ.ඩො.මිලියන 172 ක්  ලෙස වුවත්  කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකන් ඩොලර් මිලියන 229.5 කට අදාළ ව්‍යාපෘතිය චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගමට ලබාදී ඇති බවද එහි සඳහන්ය.

 එවකට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි  විසින් 2103 මැයි 05 වන දින මේ සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවත්  ගිවිසුමක් අත්සන් කළ යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා වුවත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා නොසලකමින් මෙසේ කර ඇත්තේ එවක අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බලපෑම අනුව බවත් දැනගන්නට ඇත.

ඒ අනුව අදාළ ව්‍යාපෘතියේ සිදුව ඇති අක්‍රමතාව හේතුවෙන් රජයට ඇ.ඩො.මිලියන 57.5ක් හෙවත් රු.කෝටි 920 ක අලාභයක් සිදුව ඇති බවද වාර්තා වෙයි.

සබැඳි පුවත් 

බැසිල්ගේ  තවත් ගැහිල්ලක් : අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න