උතුරේ ආයුධ මතු වුනාට යුද්ධ මතු වෙන්නේ නෑ - රෙජිනෝල්ඩ් 

උතුරේ ආයුධ මතු වුනාට යුද්ධ මතු වෙන්නේ නෑ - රෙජිනෝල්ඩ් 

උතුරේ තැන් තැන්වලින් ආයුධ මතු වුවාට කිසි විටෙකත් නැවතත් යුද්ධයක් ඇති වීමට ඉඩ නොතියන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  පවසයි.

මුලතිව් ක්‍රීඩා පිටියේ පැවති රැස්වීමක දී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා,

“මහ වරුසාවක් වැස්සට පස්සේ පොළවේ තෙතමනය තියෙනවා වගේ උතුරු පළාතේ පැවති තිස්අවුරුදු යුද්ධයෙන් පසු ආයුධ දෙකක් තුනක් හම්බ වෙන්න පුළුවන්. 

ඒක නැවත යුද්ධයක පෙර නිමිති හෝ ආරම්භයක් හෝ නොවෙයි. අද උතුරේ රණවිරුවන් බිහිසුණු පීඩාකාරී යුද්ධය නිමා කර සාමකාමී හමුදාවක් බවට පත්වෙලා තිබෙනවා. 

උතුරේ තිබෙන රෝහල්වල ලේබැංකු රක්ත වර්ණයෙන් පුරවන්නේ උතුරේ සිටින ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන්. රෝහල් ගතව සිටින ද්‍රවිඩ ජනතාවට සිංහල ජාතීන්ගේ ලේ දුන්නම එතැන සිංහල ද්‍රවිඩලේ කලවම් වීමක් සිදුනොවන්නේ දැයිමා උතුරේ දේශපාලඥයන් ගෙන් ප‍්‍රශ්න කරනවා. 

අතීතයේ අපේ රට පාලනය කළ සිංහල රජවරු සරණ පාවා ගැනීම සඳහා කුමාරිකාවන්ගෙන්වා ගත්තේ ඉන්දියාවේ මදුරාපුරයෙන්. 
ඒ වගේම ලංකාවට වෙළඳාම සඳහා පැමිණි බොහෝ මුස්ලිම්වරු සිංහල හෝ ද්‍රවිඩ කාන්තාවන් විවාහ කරගෙන අපේ රටේ පදිංචි වුණා. එහෙම බැලූවම අතිතයේ ඉඳලම අපේ ලේ කලවම් වෙලා තිබෙනවානේද?

අද උතුරේ සිටින සියලූම ද්‍රවිඩ දේශපාලඥයන්ට ආරක්‍ෂාව සපයන්නේ සිංහල පොලිස්නිලධාරීන්. පාර්ලිමේන්තුවේ වේවා, පළාත් සභාවේ වේවා සියලූම ද්‍රවිඩ මන්ත‍්‍රීවරුන්ට ආරක්‍ෂක නිලධාරීන් වශයෙන් සේවය කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්.

කිසිදු ද්‍රවිඩ දේශපාලඥයෙකු ගාව ද්‍රවිඩ පොලිස් නිලධාරීන් නැහැ. එය හොඳ ලක්‍ෂණයක්. අද උතුරේ හමුදාව අත ඇත්තේ තුවක්කුව නොවෙයි. සාමයේ ඔලිව් අත්තයි. ඔවුන් තමයි අද උතුරේ රෝහල්හදන්නේ, පාසැල්හදන්නේ, කෝවිල්වල පූජා කටයුතුවලට උදව්කරන්නේ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න