චමල්ට ඒකාබද්ධයෙන්ම මඩක්  !

චමල්ට ඒකාබද්ධයෙන්ම මඩක්  !

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ගැන කථානායකවරයා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැති බවට හිටපු කතානායක චමල් රාජපක්‍ෂ සිදුකර ඇති ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍යවල  දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව එම මාධ්‍ය ජාලය සඳහන් කර සිටියි.

මෙම ප්‍රකාශය හිටපු කතානායකවරයා සිදුකර ඇත්තේ පුවත්පතකට වන අතර හරි වුවත් වැරැදි වුවත් කතානායකවරයාගේ තීන්දුව භාරගත යුතු යයිද ඔහු සදහන් කර ඇත.

විපක්‍ෂ නායකත්වය ඒකාබද්ධ විපක්‍ෂය ලබා ගැනීමට ගන්නා ඕනෑම තීන්දුවක් සදහා තමන්ද එකග යයිද සදහන් කර ඇති ඔහු ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම ගැන ඉදිරියේදී සාකච්චා කර තීන්දුවක් ගන්නා බවද ඔහු එහිදී සඳහන්කර තිබේ.

කෙසේ වුවත් මෑතකදී චමල් රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක් සදහා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවට ගොස් දැඩි විරෝධයකද ලක්වූ බවද එම මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න