රාජපක්ෂ රෙජීම පාලන සමයේදී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කල ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ඔහුගේ ඇපකරුවන් ද අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග නිකුත්කර තිබේ.
ජාලිය වික්‍රමසූරිය මෙසේ විවෘත වරෙන්තු ලබා ඇත්තේ 2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයගොනුකර ඇති නඩුවට අදාළවය.
අදාළ නඩුව අධිකරණය හමුවේ පවතින විට ජාලිය වික්‍රමසූරිය සිය ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ඔහුට විදේශගත වීමට අවසර ලබාදුනි.
නමුත් ඔහු යළි අධීකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගය නොසලා හරිමින් ඔහු අධීකරණය මඟ හරිමින් සිටියි.

