දුම්රිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් හෙට (29) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවීමට දුම්රිය වෘත්තීය සමිති ඊ තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
දුම්රිය ශ්‍රේණි විෂමතාවය නිවැරදි කර තමන්ට හිමි වැටුප් තල ලබා ගැනීම සම්බන්ධ ගැටළුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ (27) පස්වරුවේ පැවැති සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස මෙම තීරණයට එළැඹි බවද දැනගන්නට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ දෙවැනිවරටත් පැවැති එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැය දෙකකට ආසන්න කාලයක් තිබී ඇති අතර ඔක්තෝබර් 30 වනදා වන විට නිකුත්වීමට නියමිත රාජ්‍ය වැටුප් කොමිසමේ නිර්දේශ මත දුම්රිය සේවය ආශ්‍රිත වැටුප් ප්‍රශ්න විසඳාගැනීම මේ සාකච්ඡාවේ එකඟතාව වී ඇත.නින්දිත වෘත්තීය සමිති ජනාධිපතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දන්වා තිබුණේද මේ කාරණයම වන අතර ඒ අවස්ථාවේ කළකිරීම නිසා 29 වනදා වර්ජනය කරන බව කී දුම්රිය වෘත්තීය සමිති දෙවනවර සාකච්ඡාවේදී හිත හදාගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. සැබවින්ම මීට පෙර දුම්රිය වර්ජනය නිවේදනය කළ අවස්ථාවේ ද මුදල් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ පාර්ශව දිගින් දිගටම මේ වෘත්තීය සමිති වෙත දැනුම්දුන්නේ මේ කාරණයමය. එනම් දුම්රිය සේවයට පමණක් වැටුප් විෂමතා ඉවත් කිරීම හෝ වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බවත් එසේ වුවහොත් සමස්ථ රාජ්‍ය සේවයේම අර්බුදයක් ඇතිවිය හැකි බවය.
එසේම එක් එක් වෘත්තීය සමිති සිය දේශපාලන හිතවත්කම් යොදාගෙන කාලයෙන් කාලයට අවිධිමත්ව සිදුකරගෙන ඇති වැටුප් වැඩිකර ගැනීම් හේතුවෙන් සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයේ මතුවී තිබෙන බරපතල විෂමතා සමස්ථයක් ලෙස එන කමිටුවක් පත්කර විසඳිය යුතු බවද එහිදී යෝජනා විය.
නමුත් රාජපක්ෂ බළල් අත් විසින් මෙහෙයවන මෙම වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනා ඒ කිසිවක් නොසළකා වර්ජනය කැඳවූ අතර එයින් සිදුවුයේ මගී ජනතාව පීඩාවට පත්වීම සහ කෝටි ගණනක පාඩුවක් රජයට සිදුවීම පමණය.
එළඹෙන 29 වනදා නැවත වර්ජනයක් සිදුකරන බවට මේ තක්කඩි වෘත්තීය සමිති නායකයින් කියාගන්නා පුද්ගලයන් තර්ජනය කළත් දැන් ඔවුන් වර්ජනය අත්හිටවූ බව කියන්නේ දුම්රිය වර්ජනයේ පළමු අවස්ථාවේ ආණ්ඩුව යෝජනා කළ තීරණයම පිළිගෙනය.
ඒ කියන්නේ මෙතැන සැබෑවට තිබී ඇත්තේ වෘත්තීය සටනක් නොව දේශපාලන ගේමක්ය.

