මැතිවරණ ක‍්‍රමයේ තිබූ දූෂිත තත්ත්වය අවසන් කළා - ජනාධිපති ජාත්‍යන්තරයට දන්වයි !

මැතිවරණ ක‍්‍රමයේ තිබූ දූෂිත තත්ත්වය අවසන් කළා - ජනාධිපති ජාත්‍යන්තරයට දන්වයි !

මෙරට මැතිවරණ ක‍්‍රමයේ තිබූ දූෂිත තත්ත්වය අවසන් කර නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. 

2015 ජනවාරි 08 වනදාට පෙර මේ රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් අවසන් කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ  ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බවද  ජනාධිපතිවරයා  පවසයි. 

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වෙන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලයේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සියලූ මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඩ හා ස්වාධීන මැතිවරණ ලෙස පවත්වා රට තුළ ප‍්‍රජාන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බවයි. 2015 ජනවාරි 08 වන දාට පෙර රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති උල්ලංගණය කරමින් ඉතා අශිලාචාර අන්දමින් හැසුරුණු ආකාරය සහ රාජ්‍ය භාණ්ඩාගාරය මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් භාවිතා කරමින් මහජන දේපළ විනාශ කළ අන්දම ද සිහිපත් කළේය.

අද ශී‍්‍ර ලංකාව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් තිබෙන රටක් මෙන්ම අධිකරණයේ අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය ශක්තිමත් කළ රටක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා  ආසියාතික රටවල නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතිත්වය පිළිබඳ  ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇති බව පෙන්වා දී තිබෙන බවද සඳහන් කළේය.

පසුගිය වසර තුන හමාර තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා  රජය ගත හැකි සෑම පියවරක්ම ගත් අතර, ජනතාවගේ නිදහස සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහාද ගතයුතු සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගත් බව  ජනාධිපතිතුමා කියා සිටියේය.  

එමෙන්ම දූෂණයෙන් තොර අපක්ෂපාති නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීම ස`දහා මැතිවරණ කොමිසමට පූර්ණ බලතල ලබාදෙමින් එය ශක්තිමත් කළ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

කලාපය තුළ මැතිවරණ පැවැත්වීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවර්ධන හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ආසියාව තුළ හා ඉන් ඔබ්බෙහි ද කි‍්‍රයාකාරි පාර්ශ්වකරුවන්ට බලපෑම් ඇති කළ හැකි අන්දමේ පොදු එකඟතාවලින්  සමන්විත සම්මුතියක් සම්මත කර ගැනීමේ අරමුණින් ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලය පැවැත්වෙයි.

තම කලාපයේ මැතිවරණ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පුළුල් සංවාදයක් පැවැත්වීම සඳහා ද මෙකී සම්මේලනය කදිම වේදිකාවක් සපයන අතර මැතිවරණ හා සැබ`දි කලාපයේ වඩාත් පුළුල්  එකතුවක් ලෙස මෙය සැලකිය හැකිය. මෙවර ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ සිව්වන සම්මේලනය වන අතර දකුණු ආසියාවේ මෙවැනි සමුළුවක් පැවැත්වෙන ප‍්‍රථම අවස්ථාව ද මෙයයි. ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණය ස`දහා වන ආසියානු ජාලය එහි සත්කාරකත්වය දරයි. 

ප‍්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධන හා සුරැකීම සඳහා වූ සාමුහික ප‍්‍රයත්නයක්, තේමාව යටතේ පැවැත්වෙන සමුළුව සඳහා  රටවල් 45 ක ආරාධිතයින් එක්ව සිටින අතර පහළොවකට අධික ආසියානු කලාපීය මැතිවරණ කොමිෂන් සභා ද, සියයකටත් වඩා අධික ලොව පුරා කි‍්‍රයාත්මක මැතිවරණ නිරික්ෂණ සංවිධාන ප‍්‍රමාණයක් ද, ශ‍්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල රැසක් ද, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන්  ඇතුළු අන්තර් කලාපීය නියෝජිතායතන රැසක් මේ සඳහා  සහභාගී වී සිටි.

ආසියාවේ දැනට පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වරූපය, කලාපයේ පොදු මැතිවරණ හා සබැ`දි අභියෝග හා මැතිවරණ කි‍්‍රයාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා  උපයෝගී කර ගත හැකි විවිධ යහපත් පරිචයන් වැනි තීරණාත්මක සාධක මෙම සම්මේලනයේ දී වඩාත් පුළුල්ව  බදුන් කිරීමට නියමිතය. සම්මේලනය හෙටින් (28)අවසන්වීමට නියමිතයි.

ඩොනමෝර් කොමිසම් සභා ක‍්‍රමයේ සිට මැතිවරණ කොමිසම් සභාව දක්වා, කෘතිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද අද සිදුවූ අතර   නීතිපති ජයන්ත ජයසූරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය, පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, නිදහස් මාධ්‍ය සංසදයේ ආසියානු ජාලයේ නියෝජිත Damaso Magdualz  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න