ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අවශ්‍ය අවස්ථාවන්වල දී නිරන්තරයෙන් සාකච්ඡා සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.
ජනාධිපති මෛත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද පසුගියදා එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ නිවසේ හමුවීම සම්බන්ධව මාධ්‍ය කළ විමසීමේදී එස්. බී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ඔවුන් අතර සාකච්ඡා පැවැත්වීම සඳහා තමාගේ සහයෝගය අවශ්‍ය නොවන බවද පවසා ඇත.
පසුගිය සතියේ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවති බවට අද (07) දිනයේ සති අන්ත පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ.
එම සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක මහතාගේ නිවසේ පැවති බවට ද මාධ්‍ය වාර්තා පළවී ඇත.

