සභාග ආණ්ඩුව ගැන දැනුම්දෙන්න  : එකාබද්ධයේ සියළු මන්ත්‍රීවරුන් කැඳවයි !

සභාග ආණ්ඩුව ගැන දැනුම්දෙන්න  : එකාබද්ධයේ සියළු මන්ත්‍රීවරුන් කැඳවයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු මන්ත‍්‍රීවරුන්ට 9 වැනිදා රාත‍්‍රීයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට අනීවාර්යෙන්ම සහභාගී වන ලෙසත් එහිදී රාජපක්ෂ පවුලේ මූලිකත්වයෙන්   විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පිරිනැමීමට සුදානම් කර ඇතැයිද  එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් මුල්වී බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී.ල.නී.ප. පහළොස් දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට පසුගියදා ඉදිරිපත් කර තිබිණි.

ඒ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් දෙපාර්ශවය අතර පැවැති බව ඉකුත් සතියේ වාර්තා විය. 

දැනටත් තීන්දුවක් අරගෙන 

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ මේ වන විටත් සභාග ආණ්ඩුව සම්බන්ධ තීරණය ගෙන අවසන් බවයි. 
පසුගියදා එස්.බී.දිසානායක මන්ත්‍රීවරයාගේ නිවසේදී මෛත්‍රී - මහින්ද පාර්ශව හමුවී අදාළ අවසන් එකඟතා ඇතිකරගෙන තිබෙන බවත් දැනට තිබෙන්නේ සභාග ආණ්ඩුවක් සම්බන්ධව පවතින ව්‍යවස්ථාමය අවස්ථා ගැන සොයා බැලීම පමණක් බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න