පාර්ලිමේන්තුව බේරගන්න : හමුදාවෙන් වැලි කොට්ට !

පාර්ලිමේන්තුව බේරගන්න : හමුදාවෙන් වැලි කොට්ට !

පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැලැක්වීම සඳහා  ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් අද  (7)  අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
 
ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ උපදෙස් මත 14 වන සේනාංකයේ භට පිරිස් අද අළුයම 3.00 ට පමණ අධික වැසි සහිත තත්වය හේතුවෙන් හදිසියේ ඇතිවූ ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස වැලි පිරවූ බෑග් තැන්පත් කරමින් එම පරිශ්‍රයට පිසෙන මාර්ගයට ජලය ගලා යාම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය. තවද, ඒ සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 63 ගෙන් යුත් පිරිසක් සහභාගී වනු ලැබීය.
 
මේ අතර, ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ 61 වන සැතපුම් කණුව පිහිටා ඇති ස්ථානයේ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට අවහිර සිදු වීම හේතුවෙන් එය ඉවත් කිරීම සඳහා 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 27 ගෙන් යුත් භට පිරිසක් සහභාගී වූ අතර, පැය කිහිපයක් තුළ ඔවුන් එම ප්‍රදේශයේ ඇතිව තිබු ගමනාගමන දුෂ්කරතා මගහරවාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න