විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වන ආචාර්ය සුරේන් රාගවන් මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙසත්, ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙසත් පත්කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති සිරිසේන මහතා ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය අංශයට පැමිණ ආචාර්ය සුරේන් රාගවන්ව එහි කාර්ය මණ්ඩලයට හඳුන්වා දී තිබේ.
එහි පැමිණි ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ එතෙක් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කල චමින්ද සිරිමල්වත්ත තවදුරටත් එහි සිටීම අවශ්‍ය නොවන බවත් ඔහු වහාම ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කරන බවත්ය.
හයියෝ සිරිසේන : චමින්ද සිරිමල්වත්තගෙන් කන පිරෙන්න අහගෙන !
කෙසේ වුවත් සිරිසේන ඇමැති සමයේ පටන් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නියෝජනය කර සිටි චමින්ද සිරිමල්වත්ත මේ හදිසි සේවා මාරුව සම්බන්ධව ජනාධිපති සිරිසේනට දැඩි අප්‍රසාදය පළකර ඇති බවද දැනගන්නට ඇත.
එසේම චමින්ද සිරිමල්වත්ත ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්වයාම ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී ජනාධිපති සිරිසේන සමඟ බහින්බස් වීමක් සිදුවූ බවත් වාර්තා වෙයි.
එහිදී චමින්ද සිරිමල්වත්ත ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර සිරිසේන ජනාධිපතිටම තියාගෙන කුද ගහගන්නා ලෙසත් මුල අමතක කර විකාර කරන උදවිය සමඟ සිටිනවාට ගෙදර යාම වටිනා බව පවසා එම ස්ථානයෙන් පිටවගොස් ඇති බවද වාර්තා වෙයි.

