UNP සමඟ සම්මුති ආණ්ඩුවකට යමු : ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් සිරිසේනට බලපෑම් !

UNP සමඟ සම්මුති ආණ්ඩුවකට යමු : ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් සිරිසේනට බලපෑම් !

රට අරාජිකවීම හමුවේ එය වැළක්වීමට කඩිනම් මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් ඒ වෙනුවෙන් යළිත් එක්සත් ජාතික පක්ෂය ඇතුළත් සම්මුති ආණ්ඩුවක් හෝ පිහිටුවා ගතයුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති සිරිසේන වෙත බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි.

එම කණ්ඩායම ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයින්ගේ හමුවක් ඊයේ (23) ජනාධිපති සමඟ පවත්වා ඇති අතර එහිදීද මේ සම්බන්ධ යෝජනා කිහිපයක්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව අදාළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වාදී ඇත්තේ පොහොට්ටු පක්ෂය සමඟ ආණ්ඩු කිරීම ඇරඹීමත් සමඟ ශ්‍රීලනිපය බරපතල ලෙස සෝදාපාළුවකට ලක්ව ඇති බවය. එසේම ජනාධිපතිවරයාට තිබූ කීර්ති නාමයද දින පතා නැතිවෙමින් ඇති බවත් ඒ හමුවේ තත්ත්වය කළමනාකරණය කර ගන්නට නම් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීම වඩාත් සුදුසු බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඒ හැර තවදුරටත් පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැතිව කටයුතු කරන්නට තීරණය කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටීමේ තීරණයක් ගෙන ඇති බවද ජනාධිපති සිරිසේනට දන්වා ඇති බවත් වාර්තා වෙයි.

එසේම තමන් කණ්ඩායමක් මේ වන විට අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ නොවන වෙනත් පාර්ශවයක් වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින බවත් එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිට පවසා ඇත.

එහිදී ජනාධිපති සිරිසේන රනිල් නොවන ඕනෑම පාර්ශවයක් බහුතරය පෙන්වුවහොත් එම පාර්ශවයට අගමැතිධුරය ලබාදීම ගැන සිතා බැලිය හැකි බව පවසා ඇතැයිද දැනගන්නට ඇත.

මෙම හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් සහභාගීව ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න