වරාය ඇතුළු සියළු කොන්ත්‍රාත් චීනයට : කොළඹ වරායෙන් වැඩ අල්ලයි !

වරාය ඇතුළු සියළු කොන්ත්‍රාත් චීනයට : කොළඹ වරායෙන් වැඩ අල්ලයි !

ශ්‍රී ලංකාවේ සිදුකරන සියළු මහා පරිමාණ ඉදිකිරීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් සියල්ල චීනයට ලබාදීම සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

ඒ යටතේ මේ වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව නෞකාවල සිට ගොඩබිම දක්වා බහළු මෙහෙයුම් සිදුකිරීමට  අවශ්‍ය දොඹකර තුනක් වරයා අධිකාරියේ අරමුදල් යොදවා මිලදි ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 25.7ක මුදලකට සීමාසහිත ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩ්‍රස්ටීස් සමාගමට පවරා තිබේ.

එසේම එම පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා වරාය අධිකාරියේ අරමුදල් යොදවා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තුවද චීන වරාය හා ඉන්ජිනේරු සමාගමට පැවැරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මන්ත්‍රී පිල්මාරුවට - කුමන්ත්‍රණ ආණ්ඩුවට සල්ලි චීනයෙන් !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ පසුගියදා දියත්කල ආණ්ඩු කුමන්ත්‍රණය වෙනුවෙන් ඊට පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීම සඳහා චීන සමාගම් ද මුදල් ලබාදී ඇති බවයි.

එසේම චීන සමාගම් මහා පරිමාණ කොන්ත්‍රාත් වලදී දේශපාලනඥයන් සඳහා විශාල ලෙස අල්ලස් නිකුත්කරන බවත් කුප්‍රකට කතාවකි. එය තහවුරු වූයේ මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීන සමාගමට ලබාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක අල්ලසක් ලබාදී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සාක්ෂි සහිතව සිදුකල අනාවරණය හමුවේය.

ඒ අනුව මේ වන විටත් ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ලංකාව යළිත්  චීන ණය උගුලක වැටීමේ නියත අවධානම මේ හමුවේ පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න