Image

චාල්ස් මහත්මියව නැවත රේගුවට ගේන්න : රිෂාඩ් මංගලගෙන් ඉල්ලයි !

චාල්ස් මහත්මියව නැවත රේගුවට ගේන්න : රිෂාඩ් මංගලගෙන් ඉල්ලයි !

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත එම තනතුර සඳහා පත්කරන ලෙස තමන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙතින් ඉල්ලා සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් පවසයි.

දක්ෂ නිලධාරිනියක වන චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම වැරදි බවත්, ඇය වැනි දක්ෂ නිලධාරිනියන් ආරක්ෂ කළ යුතු බව තම අදහස බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

චාල්ස්, මහත්මිය ඉවත් කිරීමට රිෂාඩ් ඇමතිවරයා සම්බන්ධ බවට රේගු වෘත්තීය සමිති කරන චෝදනා සම්බන්ධයෙන් newstube කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කෙරුණේ කැබිනට් තීන්දුවක් මත බවත්, කැබිනට් මණ්ඩලයේදී ගනුලබන තීන්දුවලට සාමහික වගකීමක් ඇති බැවින් තමා එය විවේචනය නොකළ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එසේම චාල්ස් මහත්මිය ඉවත් කිරීමට තමන්ද සම්බන්ධ බවට වෘත්තීය සමිති නගන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් චාල්ස් මහත්මිය 2009 දී වවුනියාවේ ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අනාථවූ අවස්ථාවේදී එහි ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කරමින් ඇය කළ සේවය අති විශිෂ්ඨ බවත්, එම සේවය දේශීයව මෙන්ම විදේශීයවද ඇගයීමට ලක්වූ බවත්, එනිසා ඇය වැනි දක්ෂ නිලධාරිනයන්ට සිය සේවය සාර්ථකව කරගෙනයාමට සහය දිය යුතු බව තම ස්ථාවරය බවද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න