රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් විසින් ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත.
ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 350 ක් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අදහස දක්වා ඇති ජනාධිපතිවරයා තමා මෙම යෝජනාවට මීට පෙරද විරුද්ධ වූ බවත් මීට පෙර අනුමැතිය දුන්නේ ටැබ් පරිගනක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පමණක් බවත් පවසා ඇත.
ඒ සඳහා ටැබ් පරිගනක 1,83,000 ක් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා පවසා ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
එහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුදේ මේ වනවිට සකස් කර ඇති බව සඳහන් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි දැනගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
