අපේක්ෂකයා ගෝඨා බව ස්ථිරයි : ඇඩ්වර්ටයිසින් කුට්ටියට ඇතුලේ කචල් !

අපේක්ෂකයා ගෝඨා බව ස්ථිරයි : ඇඩ්වර්ටයිසින් කුට්ටියට ඇතුලේ කචල් !

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාව කෙරෙහි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අනුමැතිය මේවනවිටත් පලව ඇති අතර එය අගෝස්තු 11 වැනි දා පැවැත්වෙන එම පක්ෂයේ මහ සමුළුවේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුගිය සතියේ සිංගප්පුරුවට ගිය මහින්ද රාජපක්ෂගේ පුතුන් දෙදෙනෙකු විසින් ගෝඨාභය රාජපක්ෂට සිය පියාගේ තීන්දුව දැනුම්දී තිබේ. සිය බිරින්දෑවරුන් සමග සිංගප්පුරුවට ගිය යෝෂිත හා රෝහිත සහෝදරයින් දෙදෙනා සිය බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ සමග ඉදිරි මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ජා කර ඇති බව 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

මේදිනවල සිංගප්පුරු රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නා පුවත්පත් ආයතන ප්‍රධානියකු ද එම සාකච්ජාවට එක්ව සිටී බව එම ආරංචිමාර්ග පවසයි.

 දිලිත්ට හා ඩලස්ට කැපිල්ලක් !

කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ මෙහෙයුමේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඩලස් අලහප්පෙරුම වෙත පැවරීමට මහින්ද රාජපක්ෂගේ අකමැත්ත මෙහිදී ප්‍රකාශකර ඇති යෝෂිත හා රෝහිත, මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට කිසිඳු ආකාරයකින් දිලිත් ජයවීර සහභාගී කර නොගන්නා ලෙස දැඩි බලපෑමක් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය වන ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා හා දිලිත් ජයවීර අතර පවතින සමීප දේශපාලන සම්බන්ධය යෝෂිත විසින් මෙහිදී දැඩි ලෙස විවේචනයට ලක්කර ඇත.

'' දිලිත්, ඉෂිනිත් එක්ක එකතුවෙලා රනිල්ගේ කැම්පේන් එකත් බාරගෙන තිබුනා. පස්සේ රනිල්ගේ කීමට ධම්මික පෙරේරාගේ කැම්පේන් එකත් බාරගෙන තිබුනා. ට්‍රයඩ් එකේ එයාගේ බිස්නස් පාර්ට්නර් වරුනි අමුණුගම මෛත්‍රීට කැම්පේන් කරනවා. අපි පොහොට්ටුවෙන් පළාත් පාලන මැතිවරණයට යද්දී දිලිත්ලා වරුනිලා තමයි ඉෂිනි එක්ක එකතුවෙලා UNP එකේ කැම්පේන් එක කලේ.

ගියපාර තාත්තා ඡන්දෙට ඉල්ලනකොට ඔය දිලිත් රටිනුත් පැනලා කියා, වයිෆ්ට අසනීපයි කියලා .ඉතින් එහෙම ඩබල් ගේම් කාරයකුට අපේ මැතිවරණ ව්‍යාපාරය බාර දෙන්න බැහැ. එකට දැනටමත් අපි වැඩපිළිවෙලක් ලෑස්ති කරලයි තියන්නේ.'' යයි මෙහිදී යෝෂිත රාජපක්ෂ අවධාරණය කර තිබේ,

ගෝඨාබය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර දිලිත් ජයවීර හා තමා අතර පවතින දීර්ග කාලින මිත්‍රත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. කෙසේවුවද මැතිවරණ ව්‍යාපාරයේ සියලු ප්‍රචාරක කටයුතු නාමල් හා යෝශිතට පැවරීමට ඔහු එකඟතාවය පළකර තිබේ.

කෙසේවුවද දිලිත් ජයවීරගේ ආයතනයේ සේවය කරන මිලින්ද රාජපක්ෂ තමන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස තබා ගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශකර ඇති අතර යෝෂිත ඒ සම්බන්ධයෙන් විරෝධයක් පළකර නොමැත.

පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධීකරණය කලේ යෝෂිත රාජපක්ෂයි. එහිදී දිලිත් ජයවීර විසින් ඉදිරිපත් කර තිබු ප්‍රචාරක වැඩසටහන යෝෂිත විසින් ඉවතදමා තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න