රටවල් 24ක සංචාරකයන්ට On Arrival Visa

රටවල් 24ක සංචාරකයන්ට On Arrival Visa

යුරෝපා සංගමයේ රටවල් ඇතුළු තවත් රටවල් 24ක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා 'පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා' (On Arrival Visa) නිකුත් කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරීමේ අරමුණෙන් මීට පෙර යුරෝපා සංගමය ඇතුළු රටවල් 14ක් සඳහා 'පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා' (On Arrival Visa) නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් සිදුකිරීමට කැබිනට් අනුමැති හිමිව තිබුණද, පාස්කු ප්‍රහාරය හේතුවෙන් එය අත්හිටු වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ වනවිට ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පැමිණ ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා 'පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා' (On Arrival Visa) නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව ඇති අතර, එහිදී එම පහසුකම ලබාදෙන රටවල් ප්‍රමාණය වැඩි කිරීමටද අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව තායිලන්තය, යුරෝපා සංගමය එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටලන්තය, කාම්බෝජය, ‌ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රැසියාව, චීනය, ඉන්දියාව යන රටවල් සඳහා (පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා) (On Arrival Visa) නිකුත් කිරීමට නියමිතය.

අද

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න