ශ්‍රිලනිපයේ විගඩම් ගොඩයි : බැරි බව දැන පළාත් සභා ඉල්ලයි !

ශ්‍රිලනිපයේ විගඩම් ගොඩයි : බැරි බව දැන පළාත් සභා ඉල්ලයි !

මැතිවරණ කල් නොදමා වහා මැතිවරණ පවත්වන්නට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී යෝජනාවක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේය.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර දිසානායක ගෙනා එම යෝජනාව නිමල් සිරිපාල ද සිල්වා මන්ත‍්‍රීවරයා ස්ථීර කළ අතර එය ඒකමතිකව සම්මත වූ බව ද හෙතෙම කියා සිටියේය.

වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ද විමසමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මෙම යෝජනාව ගෙන ආ බව ද අමරවීර මන්ත්‍රීවරයා පැවසීය.

මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා පිළිබඳ ප‍්‍රශ්නය ජනාධිපතිවරයා ඉදිරියට ගෙනැවිත් ඇතැයි කී අමරවීර මන්ත්‍රීවරයා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නැයි ඉල්ලා ඇති බව ද කීය.

රට තුළ විශාල කථාබහක් ඇති අතර පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල වී ඇති බව කී මන්ත‍්‍රීවරයා එවැනි තත්ත්වයක් යටතේ මධ්‍යම කාරක සභාව මෙම පියවර ගත් බව ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න