ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානය ගොඩනැගීමට පෙරාතුව අපේක්ෂකයින් නම් කිරීම නොකළ යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැඩිව අවධාරණය කරයි.
එසේ කළහොත් එම අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සහයෝගය දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් පක්ෂ දෙක ම එක් වී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කරන බවත් එකඟතාවයකින් යුතුව එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
අගෝස්තු 11 වනදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවට වන වාර්තා ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මහලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

