සුෂ්මා ස්වරාජ්ගේ අභාවයට : අගමැතිගෙන් ශෝක පණිවිඩයක් !

සුෂ්මා ස්වරාජ්ගේ අභාවයට : අගමැතිගෙන් ශෝක පණිවිඩයක් !

හිටපු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් යවා ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා සඳහා මෙන්ම විවිධ බහුපාර්ශවීය සංසදයන්හි දී කලාපීය අභිමතාර්ථයන් ඉටුකරගැනීම කෙරෙහි සුෂ්මා ස්වරාජ් මහත්මිය දැක්වූ දැඩි උනන්දුව සහ කැපවීම ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදා අනුස්මරණීය බව අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවුඩයෙන් දන්වා තිබේ.

පසුගිය කාල වකවානුවල, ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමුවීමට ලැබුණු විවිධ අවස්ථාවලදී ඇය, ශ්‍රී ලංකාවට ඉතාමත් ලබැදි මිතුරියක, අසල්වාසිනියක සහ ඥාතියෙකු ලෙස ප්‍රසන්න පෞරුෂයක් හිමි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් තමන්ට හඳුනාගැනීමට ලැබුණු බව පවසන අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වශයෙන් ඇයගේ ධූර කාලය තුළ දෙරට අතර පැවැති සබඳතා විශිෂ්ඨ ලෙස ඉහළ නැංවුණු බව එම පණිවුඩයේ සඳහන් කර ඇත.

එතුමියගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සමස්ත ඉන්දීය ප්‍රජාව වෙත සිය සාතිශය සංවේගය පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ශෝක පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න