මහින්දගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්ට : එරෙහි නඩුවේ තීන්දුව අද !

මහින්දගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්ට : එරෙහි නඩුවේ තීන්දුව අද !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (08) කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම නඩුවට අදාල තීන්දුව අද දින විනිසුරු සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බංඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න