අද ඇතිවූ දැඩි සුළං තත්ත්වය මොකක්ද ?

අද ඇතිවූ දැඩි සුළං තත්ත්වය මොකක්ද ?

අද (08) අළුයම කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ තද සුළං තත්ත්වය ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිසා හදිසියේ ඇති වූ තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් පවතින්නේ පැය 06ක් වැනි කාලයක් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Untitledතද සුළං ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුතු නිවේදනයක් ද අද අලුයම නිකුත් කළ අතර එම නිවේදනය අද පස්වරු 3.30 වන තෙක් වලංගු බවත් එහිදී සඳහන් කෙරිණ.

උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ක්ෂණික ඉහළ යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රි කාලයේදී පවතින බවත් එහි වැඩිදුරටත් සදහන්ය.001

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න